ICU රෝගීන් ගණන වැඩිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළයාමත් සමඟ රෝගීන් සඳහා ඔක්සිජන් භාවිතයේ සුලු වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි .

. දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් ඔක්සිජන් භාවිතයද ඉහළ යාහැකි බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත පැවසුවේය

මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ ඇඳන් 14,599 න් ඇඳන් 4,790 ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන අතර  මේ දක්වා දැඩි සත්කාර ඒකකවල ඇඳන් 61 ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය .

දැඩිසත්කාර ඒකකවල තදබදය සහ ඔක්සිජන භාවිතය ඉහළයාම අවම කරගත හැක්කේ එන්නත්කරණයෙන් පමණක් බව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 827 දෙනෙකු වාර්තා විය .