ID තතු තහවුරුවත් ඔන්ලයින්

Picture of අසංක

අසංක

පුද්ගලයන්‌ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින්‌ ක්‍රමයට තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවලක්‌ ක්‍රියාත්මක කර තිබේ.

රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතන, දුරකථන සේවා සපයන ආයතන, රක්ෂණ සමාගම් යනාදි ආයතනවල සේවා අවශ්‍යතාවයන්‌ ඉටු කිරීමේදී එය ප්‍රයෝජනයට ගැනීම උදෙසායි.

සේවාලාභීන්ගේ කැමැත්ත මත ඔන්ලයින්‌ ක්‍රමයට එම ආයතනවලට හැඳුනුම්පත භාවිත කිරීමට මෙමඟින්‌ අවස්ථාව සැලසේ.

මෙම වැඩපිලිවල මගින්‌ අනන්‍යතාව
නිවැරදිව තහවුරු කර ගැනීමට හැකි
වන බවද පුද්ගලයන්‌ ලියාපදිංචි කිරීමේ
දෙපාරතමේන්තුව සඳහන්‌ කරයි.