නවතම පුවත්

IDH රෝහල්ගත කළ පවුලේ මාස 4ක බිළිඳාටත් කොරෝනා

අසංක

අසංක

නාත්තන්ඩිය ප්‍රදේශයේ එකම පවුලේ පස්දෙනෙකු නව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අය අතර මාස 4ක බිළිඳෙකු ද සිටී.

මෙම පවුලේ පළමු ආසාදිතයා හමුවන්නේ පෙරේදා දිනයේ ය.

එම පුද්ගලයා ඉකුත් එකොළොස් වැනිදා ඉන්දියාවට ගොස් දොළොස් වැනි දා නැවත පැමිණ නිරෝධායනය නොවූ අයෙකි.

ඔහුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඊයේ නාත්තන්ඩියේ ඔහු පදිංචි ප්‍රදේශයට මුද්‍රා තැබිණ.

ඔහුගේ බිරිඳට ද රෝගී තත්ත්වය පෙන්නුම් කරන්නට වූ බැවින් ඇයද වෛද්‍ය පරීක්ෂණයට ලක් කෙරිණි.

ඔහුගේ අනාවරණය වූයේ ඇයට වූ විට ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති බවයි.

ඒ අනුව අද දිනයේ එම පවුලේ පිරිමි දරුවන් දෙදෙනාත් දියණියත්, දියණියගේ මාස 4ක් වයසැති බිලිදාත් සැමියාත් වෛද්‍ය පරීක්ෂණයට යොමු කර තිබේ.

බිළිඳාට සහ පිරිමි දරුවන් දෙදෙනාට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ එහිදීය.

බිළිඳාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මව ද රෝහල්ගත කර ඇත.

ඒ අනුව ඔවුන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි