IDH රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අංගොඩ අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බවත් ඒ අනුව එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබන බවත් වාර්තාවේ

එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ. එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් සියයට 20ට පමණ ඔක්සිජන් ලබා දී තිබේ.ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළගොස් ඇති බව වාර්තා වේ.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ආරංචි මාර්ග මගින් තහවුරු කළේය.