නවතම පුවත්

IMF ඉලක්කයට යන්න වැට් බදු වැඩිකරයි

අසංක

අසංක

ලබන ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත වන බදු (VAT) අනුපාතිකය 18% දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.

දැනට ක්‍රියාත්මක එකතු කළ අගය මත වන බදු (VAT) අනුපාතිකය 15%කි.

එමෙන්ම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එම බද්ද පැනවීමටද පියවර ගැනේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වන පරිදි මෙම පියවර ගන්නා බව රජය පවසයි.

ඒ අනුව නව බදු යෝජනා කිහිපයක් 2024-01-01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා ඊයේ පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත.

ණය තිරසරභාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩි වන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කර ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම 51%කින් ඉහළ ගොස් තිබේ.එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්