IMF එකට විකල්ප යෝජනා දෙන්න – ජනපති ඉල්ලයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීම සඳහා විකල්ප යෝජනා සිදු කළේ, වාණිජ මණ්ඩලය පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා හෝ විකල්පයක් ඉදිරිපත් නොකළ බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (21) කොළඹදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කළ මෙරට බදු ප්‍රතිපත්තිය පිළිබඳ සමුළුවකදී ය.