IMF එකෙන් ශ්‍රී ලංකාවට සහනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචිත ලෙස හෝ භාවිත කළ හැකි මුදල් ඒකක ලෙස හුවමාරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය සාමාජික රටවල් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 650ක මුදලක් මුදා හැර ඇත.

විශේෂ ගැනුම් හිමිකම් (එස්.ඩී.ආර්.) යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම මුදල මුදාහැර ඇති අතර දැනට තිබෙන අනුපාත යටතේ එස්.ඩී.ආර්. මිලියන 578ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 816ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත.

මෙම පහසුකම යටතේ ලැබෙන මුදල ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමට භාවිත නොකළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මෙම පහසුකම විවෘත කරන බව ඉකුත් දා (23) සඳහන් කළාය.

“මෙම පහසුකම කෙටිකාලයේදී ලෝකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා. මෙය ඥානාන්විතව භාවිත කරන්නේ නම් අපි අන් කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයෙන් මේ වනවිට මුහුණ දෙන අර්බුදයට එරෙහිව සටන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙනවා” යැයි ඇය කීවාය.