නවතම පුවත්

IMF ණයෙන් ඉන්ධන, ගෑස්, ආහාර ආනයනය කරන්න බැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් ලෙස බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය


කෙසේවෙතත් ආර්ථික අර්බුදය විසදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන එම මුදල ප්‍රමාණවත් නොමැති බවත්, ඒ සඳහා විදේශ විනිමය ඉපැයීමේ ක්‍රමෝපායන් සකස් කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසුවා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට එකඟතාවකට පැමිණ ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි..


කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ණය පහසුකම ලබාගත හැක්කේ ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණියහොත් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්