නවතම පුවත්

‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි

අසංක

අසංක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පරාමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ නිල ණය හිමි කමිටුව (OCC) ප්‍රතිපත්තිමය එකඟතාවට තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා මෙම ණය හිමියන්ගේ සහතිකය අවශ්‍යතාවක්ව පැවතිණ. මේ පිළිබඳ ඉදිරි දිනවලදී නිල ගිවිසුමට ද අත්සන් තැබීමට නියමිතය.

අද එළැඹුණු මෙම එකඟතාව පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ කරුණු ඉදිරිපත් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පරාමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සමසභාපතිත්වය දරණ නිල ණයහිමි කමිටුව විසින් තහවුරු කර ඇත. ශ්‍රි ලංකාව සියළුම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහයෝගීතාවට කෘතඥ වන අතර නිල ණයහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයකි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදය විසඳීමේ ප්‍රධාන පියවරකි. මීට පෙර චින එක්සිම් බැංකුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවය පලකළා. නිල ණයහිමි කමිටුවේ එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාර්කය නිදහස් කිරීමට විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇතිකරන අතර එමගින් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබේ. මෙම පියවර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගීතාවය පෙන්නුම් කරන තවත් වැදගත් සංධිස්ථානයකි. තවදුරටත් ශ්‍රි ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කර තිරසාර ආර්ථික වර්ධනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී. ශ්‍රී ලංකාව සිය මූල්‍ය උපදේශකයින් මගින් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවයකට පැමිණීම සඳහා බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්