නවතම පුවත්

IMF නොයා රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ නංවන හැටි කබ්රාල් පෙන්වාදෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදෙස් ණය පිළිබඳ නිවැරදි අවබෝධයක් මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඇති බවත්, සමහරු මේ පිළිබඳව මත පළ කරන්නේ අන්තර්ජාලය පිරික්සීමෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව පමණක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

ශ්‍රී  ලංකාව මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට බලාපොරොත්තුවන බවද  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා මෙහිදී පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,මෙසේද පැවසීය

“මම හිතන්නේ අපිට මේ අවුරුද්ද තුළදී 5.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්නට පුළුවන් වෙයි. එය පසුගිය වසරේ යම්කිසි අඩු ආර්ථික වර්ධනයක් තිබුණ්‍ර නිසා ඒක ජයක් හැටියට සැලකුවේ නැතත් 5.5% වර්ධන වේගයක් අපිට ඇති කරගන්න පුළුවන්නම් ඒක සාර්ථක එකක් හැටියට තමයි මම දකින්නේ. ඒක කරන ගමන්ම අපිට තවත් අභියෝග කිහිපයක් තිබෙනවා ජයගන්නට. අපි හැමෝම දන්නවා ආර්ථිකයක් හසුරවද්දි සියලුම අංගයන් එකට වර්ධනයවීමක් ඇති කරගන්නට අවශ්‍යයි. එහෙම කරගෙන යන අතරම තමයි මේ කටයුත්තට අපි යෙදෙන්නේ. මම හිතන්නේ ඒක අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලුදෙනාම එකතුවෙලා එකට වැඩකරන්න ඕනේ. විවිධ පැතිවලින් එන විවිධ අභියෝග තවදුරටත් වැඩිකරන්නේ නැතුව ඒක කෙරුවනම් හොඳයි එක තමයි මගේ අදහස.”

“මෙතන වෙලා තියෙන්නේ සමහරක් ඉන්ටනෙට් එක බලන ආර්ථික විශේෂඥයින් පිරිසක් ඉන්නවා. ඒ ගොල්ලෝ ගණන් හදනවා. ගණන් හදලා කියනවා මේක නැහැ, මේක නැහැ කියලා. ඒ වුණාට ඒක කිරීම සඳහා මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයටත් ඔය ඉන්ටර්නෙට් එකේ පෙනෙන එක්ස්රේ එක පේනවා. අපි දන්නේ නැතුව නෙමෙයිනේ. බිලියන 6.9 ක් ගෙවන්න තියෙනවා කියලා අපි තේරුම් ගත්තාම අපි නිදා ගෙන ඉන්නේ නැහැ. ඒ ගොල්ලෝ එකපාරටම කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් තියෙනවා කියලා. ඒක අපිත් දන්නවා. දන්න නිසා ඒකට අවශ්‍ය වන කටයුතු කරගෙන යනවා. ඒ පිළියම් හරිගස්සගෙන යනවා. 2022 ජනවාරි 18 වෙනිදා ගෙවන්න තියෙනවා කිව්ව මිලියන 500 ගෙවන්න බැහැ කියලා ඉන්ටර්නෙට් කට්ටිය කිව්වා. දැන් අපි ගෙවනවා නේ. ඒකෙන්ම තේරෙනවානේ ඒගොල්ලොන්ගේ මතයෙයි ඇත්ත වශයෙන්ම කෙරෙන්න යන දේයි අතරේ ලොකු වෙනසක් තියෙනවා කියලා.“

2022 වසරේ ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගන්නා ආකාරය පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ පැහැදිලි කර සිටියේය.

“විවිධ පැතිවලින් මුදල් ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ හරහා මේ ණය ගෙවීම සඳහා අවශ්‍ය කෙරෙන බිලියන 6.9 කර ගන්න පුළුවන්. ඒ සඳහා අපිට පිටට ගෙවන්න තියෙන මුදල් බිලියන 1.5 ක් පමණයි. ඒ තමයි ස්වෛරී බැඳුම්කරවලට අපි ගෙවන්නට බලාපොරොත්තු වන මුදල. ඊට අමතරව දේශීය වශයෙන් බිලියන 2.5 ක් පමණ මුදලක්, එය අපට rollover කරගන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර rollover කරනවා වගේම ඕනම රටක ඒ විදියට rollover කරගන්න පුළුවන්. දැන් ඒක කරගෙන යනවා. ඒ නිසා එතන තියෙන අවදානම හුඟාක් අඩුයි. ඒ වගේම ජාත්‍යන්තර ආයතන සමඟ අපිට තිබෙන ගනුදෙනු හරහා ඒ ගෙවීම් කරන මුදල්වලට සාපේක්ෂව ඒ වගේම මුදලක් අපිට එන්නත් තියෙනවා. ඒ තුළත් අපිට තියෙන පීඩනය අඩුයි.“

මේ අතර මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය පිළිබඳ විශ්වාසය තබාගන්නා මෙන් සැමගෙන් ඉල්ලීමක් කළේය.

“මේ රට බංකොලොත් වෙනවා කියන කතාව 2020 දීත් කිව්වා. 1970 දීත් කියලා තියෙනවා ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා කියලා. යම්කිසි කණ්ඩායමක් ඉන්නවා මේ රට අමාරු තත්ත්වයකට වැටෙනවා කියලා නිතර නිතර කියන. මෙතනදී බොහොම පැහැදිලිව කියන්නට අවශ්‍යයි, පසුගිය මාස 06 තුළ දී එක කණ්ඩායමක් කෑගගහා හිටියා අපේ රටේ තියෙන සංචිත මදි, ඒ සංචිත මදිකම නිසා අපිට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා, 2022 ජනවාරි මාසයේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවාගන්න බැරිවෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දී අපි මොනවාද කිව්වේ. අපි කිව්වා අපි මේක ගෙවනවා, අපි බිලියන 3 ක් බවට අපේ සංචිත පත්කරගන්නවා කියලා පැහැදිලිව කිව්වා 2021 ඔක්තෝබර් මාසයේදී. මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තබා ගෙන යන්න. තවදුරටත් මේකට අකුල් හෙළන්න එපා.“

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි