නවතම පුවත්

IOC ඉන්ධන මිල වැඩි කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.

ඒ අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිය.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ යාම තුළ මෙම තීරණය ගැනීමට සිදුවූ බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව IOC ඉන්ධන පිරවුම්හල් තුළ අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 162කි.

එමෙන්ම රුපියල් 111කට පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116ක් වෙයි.

කෙසේවෙතත් සූපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලෙහි වෙනසක් නොවන බව ලංකා IOC සමාගම නිවේදනය කළේය.

ලංකා IOC සමාගම නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ද දක්නට ලැබුණි.

ලංකා IOC සමාගම නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම් ඇති වී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්