නවතම පුවත්

IS නායකයකු ඇතුළු සහරාන්ගේ ගෝලයෝ දෙදෙනෙක් ඉන්දු අධිකරණය හමුවට

අසංක

අසංක

ඉන්දියාවේ ප්‍රහාර සැලසුම් කල බවට චෝදනා එල්ල වී ඇති මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් බව කියන සැකකරුවන් දෙදෙනෙකුට ඉන්දීය අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කෙරේ.

මොවුන්ගෙන් එක් අයෙකු අයි.එස් සංවිධානයේ කොයම්බතූර් නායකයා ලෙස සැලකෙන මොහොමඩ් අසුරඩීන් වන අතර ෂෙයික් හදෙයිතුල්ලා වන අනෙක් සැකකරු මොහුගේ සහයකයෙක් බව එරට වාර්තා පවසයි.

අත්අඩංගුවට ගත් එක් අයෙකු තමිල්නාඩුවේ විවිධ ස්ථානවල රහසිගත ලෙස දේශන පවත්වමින් ඉන්දියාව තුළ අයි.එස් සංවිධානයේ මතවාද පැතිරවීමට මෙන්ම එම සංවිධානයට විවිධ පුද්ගලයින් බඳවා ගැනීමටද කටයුතු කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කළේය.

එහිදී මෙම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති තිබුණි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දීය ජාතික බුද්ධි විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව ඉන්දීය පොලීසිය විසින් සාපරාධී කුමන්ත්‍රණ කිරීම හා ත්‍රස්ත චෝදනා යටතේ මෙම සැකකරුවන්ට විරුද්ධව චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්