නවතම පුවත්

ISIS බෝම්බ පිපිරවු සමහර රටවල්මෙන් අපටත් වේගයෙන් යථා තත්ත්වයට පත්විය හැකියි – අමාත්‍ය හර්ෂ ද සිල්වා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

අයි.එස්. අයි. එස්. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරවූ සමහර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවටත් වේගයෙන් යථා තත්ත්වයට පත්විය හැකි අතර එවිට සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් වෙනදා තිබූ තත්ත්වයටම පත්කර ගැනීමේ හැකියාවක් තිබෙන බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම්  අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

 ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව නැවතත් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව තිබියදී ජාතිවාදී උගුලේ පැටලුණහොත් එයින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම පරිහානියට යන අතර එය අනාගතයේදී ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් වනු ඇති බව හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මෙයට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයේ මෙසේද සදහන් වේ.

තොරතුරු ලැබී තිබියදීත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වලක්වා ගැනීමට රජයට නොහැකිවීම පිළිබඳව වත්මන් රජයේ නියෝජිතයෙකු ලෙස මා අවංකවම ලැජ්ජාවටත් කණගාටුවටත් පත්වෙමි. ජනතාව තුළ මේ වනවිට තිබෙන වේදනාව සහ කණගාටුව අයුතු ලෙස භාවිතා කරමින් ජනතාව ප්‍රකෝප කිරීමටත් ඒ තුළින් ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමටත් ඇතැම් පිරිස් උත්සාහ කරන බව මේ දිනවල වර්ධනය වෙමින් තිබෙන සිදුවීම් වලින් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

අපි මේ ජාතිවාදී උගුලේ පැටලුණහොත් ඉතාමත් අසීරුවෙන් කළමනාකරණය කරමින් තිබෙන මෙරට ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක්වීම වැලැක්විය නොහැකි අතර ඒ තුළින් අපගේ පරම්පරා ගණනාවක් විඳවනු ඇත.

මේ නිසා, මේ මොහොතේ ඇතැම් පුද්ගලයින්ගේ උසි ගැන්වීම් වලට නොරැවටෙන ලෙසත් සාමකාමීව කටයුතු කරන ලෙසත් මා ජනතාවගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටිමි.

අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුවහොත් සංචාරක කර්මාන්තය තිබූ තත්ත්වයට පත්කර ගැනීමට අපට නොහැකි වනු ඇත. එවිට එහි බලපෑම කෘෂි නිෂ්පාදන අංශයට, ආහාර පාන නිෂ්පාදන අංශයට, තොග සහ සිල්ලර වෙළඳාමට, ප්‍රවාහනය ඇතුළු බොහෝ අංශ වලට අහිතකර ලෙස බලපානු ඇත. මෙහිදී,  විදේශ මූල්‍ය අංශය පිරිහීමට ලක්වන අතර විදේශීය ණය ගෙවීමේ හැකියාවද දුර්වල වනු ඇත.

එසේම, ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයින්ගේ තිබෙන විශ්වාසය පිරිහී යන අතර මෙරටට ප්‍රාග්ධන ගලා ඒම් අඩුවනු ඇත. මෙම තත්ත්වය මග හරවා ගැනීම සඳහා ජාතිවාදී ගැටුම් නිර්මාණය නොවන පරිදි රජයේ ආරක්ෂක වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්නැයි අදාළ බළධාරීන්ගෙන් මා ඉල්ලා සිටි අතර එවැනි ගැටුම් නිර්මාණය කරන අන්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවද අවධාරණය කළෙමි. මේ අවස්ථාවේ අප ඉදිරියේ තිබෙන අභියෝගය වන්නේ මරාගෙන මැරෙන වහබ්වාදී මුස්ලිම් ත්‍රස්තවාදය ඇතුළු සියළු අන්තවාදයන් පරාජය කර සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර් සමාජයේ මධ්‍යස්ථ මතධාරීන් ශක්තිමත් කරමින් රට ගොඩ නැගීම යැයි එහි සදහන්ය. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්