නවතම පුවත්

KDUවෙන් බිහි වු ප්‍රථම ගුවන් හමුදාපතිට Hall of Fame උපහාර

අසංක

අසංක

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය (KDU) ඉතිහාසය තුළ බිහි වූ පළමු ගුවන් හමුදාධිපති ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඉතිහාසගත වීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උපහාර පිදීමේ උත්සවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය පරිශ්‍රයේදී අද (29 ) පැවැත්විණි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සුවිශේෂී දක්ෂතා දක්වනු ලැබූ හමුදා හා සිවිල් රාජ්‍ය සේවයට කැප වී කටයුතු කරනු ලබන පුද්ගලයින් හට දක්වනු ලබන උපහාරයක් වන Hall of Fame උපහාර ලද්දන් අතරට වත්මන් ගුවන් හමුදාධිපති තුමන්වද එක් කිරීම මෙහිදී සිදු විය.

ආර්.ඒ.ඩී සෝමතිලක රාජපක්ෂ මහතාට සහ වී.පී ප්‍රේමාවති මහත්මියට දාව උපන් උදේනි රාජපක්ෂ මහතා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනි දරුවා විය. ආර්.ඒ.එස් උදයංග රාජපක්ෂ මහතා වැඩිමහල් සොහොයුරා වු අතර ආර්.ඒ.ඩී ජීවනි රාජපක්ෂ ඔහුගේ බාල සොහොයුරිය විය. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගමිපහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අරඹා පසුව ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය අවසන් කර ඇති අතර ද්විතික අධ්‍යාපනය සදහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව කිර්තිමත් ශිෂ්‍යයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත. ඉන් පසු 1988 වසරේදි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 06 බදවා ගැනිමේ කණ්ඩායමට ඇතුලත්වන ලදි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ත්‍රිවිධ හමුදා නිළධාරින් අතරින් ගුවන් නියමුවන් තෝරා ගැනිමේ යෝග්‍යතා පරික්ෂනයෙන් සමත්විමෙන් අනතුරුව මුලික ගුවන් යානා පුහුණුව සදහා අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය යටතේ අංක 33 පියාසර කෙඩෙට් නිලධාරි පාඨමාලාව තුළින් තම මුලික පියාසර පුහුණුවිම් සිදුකල අතර එහිදී දක්ෂතම පියාසර කෙඩෙට් නිලධාරියා විය. ඉන් පසුව 1990 වසරේ ඔක්තොම්බර් මස 05 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් විද්‍යුත් ඉංඡිනේරු උපාධිය ලබා ගනිමින් ගුවන් නියමුවකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය.

තම සේවා කාලය තුල අතිදක්ෂ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පුකාරා (PUCARA) ප්‍රහාරක ගුවන් යානා පදවමින් ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙසත් CESSNA-150 (සෙස්නා-150) , Y-12(වයි-12) ඇවුරෝක්ෂමාශෙටිටි- 260TP බිචික්‍රාෆ්ටි-200T, AN 32 (ඇන්ටනෝ -32) සහ සී-130 ගුවන් යානා පදවමින් ප්‍රවාහන ගුවන් නියමුවකු ලෙසත් තම මව්බිමට සේවය කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු හට ලැබිය හැකි ඉහලම ශ්‍රේණිගත කිරිම වන මාස්ටර් ග්‍රින් ශ්‍රේණිගත කිරිමට උරුමකම් කියන එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිවිල් ගුවන් යානා බලපත්‍ර ලාභියකු හා සිවිල් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු සතු වානිජ ගුවන් ප්‍රවාහන ගුවන් නියමු (ATPL) බලපත්‍ර ලාභියකු ද වන අතර ගුවන් පැය 7000 අධික ප්‍රමාණයක් පියාසර කර ඇති අත්දැකිම් බහුල ගුවන් නියමුවෙකු ද වෙයි.

1997 වසරේ දි මානුෂිය මෙහෙයුමට සමිබන්දව PUCARA ප්‍රහාරක ගුවන් යානයකින් සතුරු ඉලක්ක වෙත රාත්‍රී ගුවනින් ප්‍රහාර එල්ල කරමින් සිටි අවස්ථාවකදි තම ගුවන් යානයේ ඇතිවු හදිසි තත්වයක් මත ගුවන් යානයෙන් ඉවත්වීම (Night Ejection) ඔහු විසින් සිදු කල වික්‍රමාන්විත ක්‍රියා අතරින් ප්‍රධාන තැනක් ගනී. සටන් මෙහෙයුමක යෙදී සිටියදී එවැනි හදිසි අවස්ථාවකදී සාර්ථකව ගුවන් යානයෙන් ඉවත්විම මෙන්ම තනිවම මුහුණදීමට ඇති ධෛර්යය සහ ඔහුගේ නිර්භීතකම පැසසුමට ලක්කරමින් Martin Baker Aircraft Limited විසින් ඔහුට ලෝකප්‍රකට Eject Tie Club හි සාමාජිකත්වයද පිරිනමන ලදි. තවද ගුවන් යානයක් තුළ ඇතිවූ දරුණු හා හදිසි අවස්ථාවක් රාත්‍රී කාලයේදී භීතියකින් තොරව හසුරුවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඔහුට ඇගයීම් ලිපියක්ද (Letter for Commendable action) පිරිනමා ඇත. තවද 1992 වර්ෂයේදී Y- 12 ගුවන් යානයකින් ම හෙයුම් සිදු කරන අතරතුර ඇතිවූ කාර්මික දෝෂයක් මනාව හසුරුවමින් හා ඉතා අවම හානියකින් ගොඩ බැසීම හේතුවෙන් ද ගුවන් හමුදාව විසින් ඔහුට සහතිකයක්(Green Endorsement) පිරිනමා ඇත.
ගුවනින් ගොඩබිම් සටන් වලට හා සටන් ආධාරක මෙහෙයුම් සදහා දායකත්වය දක්වමින් සෑම හමුදා මෙහෙයුමක් සදහාම සක්‍රීය දායකත්වය දක්වා ඇති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වන්නි වික්‍රම II සහ III, යාපනය අර්ධද්වීපය මුදා ගැනීම සඳහා මෙහෙය වූ ජයසිකුරු මෙහෙයුම, රිවිරැස මෙහෙයුම, යාල්දේවි මෙහෙයුම, ඉදිරිපිම්ම මෙහෙයුම, පුනරින් සහ මුලතිව් හමුදා කඳවුර මුදවා ගැනීම යන මෙහෙයුම් ඔහුගේ හමුදා දිවිය තුළ ප්‍රධාන තැනක් ගනි. උතුරු නැගෙනහිර හා මානුෂීය මෙහෙයුම් පදක්කම් ලාභියෙක් වන අතර නොකැළැල් චරිතය සහ අපක්ෂපාතී සේවය අගයමින් විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම මෙන්ම සතුරා ඉදිරියේ පිළිබිඹුවූ සටන් නිපුනත්වය, සටන්කාමීත්වය හා නිර්භීතකම සලකමින් ඔහු තෙවරක්ම රණශූර පදක්කම (Gallantry Medals) ලබා ඇත.
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති අතර රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුත්තව ආරක්ෂක උපදේශක කවුන්සල්වරයා ලෙස කටයුතු කරමින් විදේශ සේවා පදක්කම ද ලබා ඇත. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ රත්මලාන අංක 2 ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරිවරයා ලෙසද ගුවන් හමුදා හිගුරක්ගොඩ, වවිනියාව හා කටුනායක ගුවන් හමුදා මුලික කදවුරු අණදෙන නිළධාරිවරයා ලෙස ද කටයුතු කළ අතර ඔහු ගුවන් ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ චිනවරාය ගුවන් හමුදා විද්‍යාපිඨයේ පිඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර නැගෙනහිර ගුවන්ආඥාපති හා දක්ෂිණ ගුවන් ආඥාපති ලෙසද කටයුතු කර ඇත. අනතුරුව ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස හා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ගුවන් හමුදාවේ ප්‍රධාන තනතුරු හොබවා ඇත.
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ප්‍රධාන හමුදා රාජකාරීන්ට අමතරව ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා මළල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුර ද හොබවා ඇති අතර අතිදක්ෂ ක්‍රීඩකයෙක් ලෙස මේසපන්දු, ටෙනිස් සහ ගොල්ෆ් යන ක්‍රීඩා සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජයග්‍රහන රැසක් ලබාගෙන ඇත. ඊගල්ස් අභියෝගතා ගුවන් හමුදාධිපති කුසලානය 2021 වසරේදී දිනාගන්නා ලදී. 2010 සහ 2021 වසරවලදී පිළිවෙලින් ටෙනිස් සහ ගොල්ෆ් ක්‍රීඩාවන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ දිනා ඇති අතර එයින් ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍ය මනාව නිරූපනය වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා ද්විත්වයකට ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ දිනා ගත් ක්‍රීඩකයන් අතලොස්ස අතරට ඔහු ද එක් වි ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්