නවතම පුවත්

Lady-J ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ දිවිසැරියට සමුදෙයි

අසංක

අසංක

මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ, ගාල්ල කොටුවේ කඩේ, ලේඩි J සහ මංජරී ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජේ.ජී.සුමනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ(12) දින ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 75 වැනි වියෙහි පසුවිය.

ජඹුරේගොඩ ගමාච්චිගේ සුමනපාල මහතා උපත ලබා ඇත්තේ වැලිගමදීය. නව දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු ජඹුරේගොඩ විද්‍යාලයෙන් ද පසුව උසස් පෙළ දක්වා වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබී ය.

කුඩා කළ සිටම ව්‍යාපාරික පරිසරයක් තුළ හැදී වැඩුණු සුමනපාල මහතා මුලින් වෙනත් කර්මාන්තවල නියැලී, ධර්මලතා මහත්මිය සමඟ සිදුවූ තම විවාහයෙන් පසුව ඔවුන් දෙපළ ගාල්ලේ Y.W.C.A. (තරුණ, කාන්තා, ක්‍රිස්තියානි සංගමයේ) ගොඩනැගිල්ලේදී සිය විලාසිතා ව්‍යාපාරය ආරම්භ කර ඇත.

ජනතාවට හැකිතාක් අඩු මුදලට භාණ්ඩයක් අලෙවි කිරීම, යමෙකුට රැකියාවක් ලබාදීම යනාදි යහපත් අරමුණැතිව සුළු ලාභයක් පමණක් ලබාගනිමින් පවත්වාගෙන ගිය එම ව්‍යාපාරයට ‘කොටුවේ කඩේ’ යන නාමය ජනතාව විසින්ම යොදන ලද්දකි. පසුව එනමින්ම රට පුරාම ‘ගාල්ලේ කොටුවේ කඩේ’ අතිශය ජනප්‍රියත්වයට පත්විය.

පසුව එම ව්‍යාපාරය, සිය දියණියන් දෙදෙනාගේ නම්වලින් එනම් ජයනි සහ මංජරී යන නාමයන් යොදමින් කොළඹ පුංචි බොරැල්ලේ ‘ලේඩි ජේ’ ලෙසත් ගාල්ල සහ නුගේගොඩ ‘මංජරී’ ලෙසත් ව්‍යාප්ත කෙරිණි.

මේ වනවිට එම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ සුමනපාල මහතාගේ දරුවන් සහ බෑණාවරුන් විසිනි. සුමනපාල මහතාගේ අතිශය සාධාරණ ව්‍යාපාර අරමුණු තවදුරටත් රැකගනිමින් පවත්වාගෙන යාම නිසා එම ව්‍යාපාරය තවදුරටත් රට පුරා පුළුල් වෙමින් අද වනවිට ලේඩි ජේ සාප්පු සංකීර්ණයක් මහරගම දක්වාද විහිදී ගොස් තිබේ.

කුමන බාධක මධ්‍යයේ වුවත් සාධාරණ අයුරින් යහපත් අරමුණැතිව ව්‍යාපාරයක් දියුණුවෙන් දියුණුවට පත්කළ හැකි බවට පූර්වාදර්ශ සැපයූ ජේ.ජී.සුමනපාල මහතාට, The Colombo Express අප කාර්ය මණ්ඩලය නිවන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ජේ.ජී.සුමනපාල මහතා බිරිඳ සහ දරු මුනුබුරන් සමඟ
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්