නවතම පුවත්

LPL තරගාවලියට ඩේල් ස්ටේන් එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඬේල් ස්ටේන් එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා පසුගිය 30 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. කණ්ඩායමට එක්වීමට පෙර හම්බන්තොට තරු පන්තියේ හෝටලයකදී ඔහු නිරෝධායනය වෙමින් සිටී.

එල්. පී. එල්. තරගාවලියට පැමිණෙන විදේශීය ක්‍රීඩකයින් දින හතක කාලයක් නිරෝධායන වියයුතු අතර ඒ අනුව දෙසැම්බර් 9 වන දින යාපනයට එරෙහිව පැවැත්වෙන තරගයේදී මහනුවර ටස්කර්ස් පිල නියෝජනය කිරීමේ අවස්ථාව ස්ටේන්ට හිමිවනු ඇත.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන වේග පන්දු යවන ක්‍රීඩක ස්ටේන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන ඇති අතර 2013 වර්ෂයේදී ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් සම්මානද හිමිකර ගෙන ඇත. 2018 දී විශ්‍රාම යාමට වසරකට පෙර ෂෝන් පොලොක්ගේ වාර්තාව අභිබවා යමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වූයේය.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කළ ස්ටේන් පකිස්තාන් සුපර් ලීග් තරගාවලියේදී ඉස්ලාමාබාද් යුනයිටඞ් පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ඬේල් ස්ටේන්ට අමතරව විදේශීය ක්‍රීඩකයන් ලෙස නවීන් උල් හක් සහ රහ්මනුල්ලා ගුර්බාස්  (ඇෆ්ගනිස්ථානය), මුනාෆ් පතෙල් සහ ඉර්ෆාන් පතන් (ඉන්දියාව), බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ) යන ක්‍රීඩකයෝ මහනුවර ටස්කර්ස් පිල නියෝජනය කරති. ආබාධයකට ලක්වූ ඉර්ෆාන් පතන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

කුසල් ජනිත් පෙරේරා මහනුවර ටස්කර්ස් පිලේ නායකත්වය දරයි.

https://www.facebook.com/KandyLPL/videos/1051471948699243

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්