LPL ප්‍රථම ශතකය ස්ටැලියන්ස් කණ්ඩායමේ ලෝරි එවන්ස්ගේ නමට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව අද (10 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය.
එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ලෝරි එවන්ස් පන්දු 65 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් තරගාවලියේ පළමු ශතකය වාර්තා කළේය.