LTTEයට යළි පණදී කරන ඝාතන ඉලක්ක ‌ගැන පලෙයි ‌දොස්තර වමාරයි

Picture of අසංක

අසංක

ත්‍රස්ත විමර්ශන ‌කොට්ඨාසයේ රදවා සිටින පලෙයි ‌රෝහලේ ‌වෛද්‍ය නිලධාරී සින්නයියා ශිවරූබන් පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීමට සූදනම්ව ඇත්තේ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන් ) සහ ඩග්ලස් ‌දේවානන්දා ඝාතනය කිරීමට බව ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී ‌හෙළිවී තිබේ.

ඔහු සගවන ලද අවිආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ‌තොගයක් කරන්ඩිය ප්‍රදේශයෙන් ඊ‌යේ ‌සොයාගැනිණ.

‌රා්හලේදී මීට ‌පෙර ඩග්ලස් ‌දේවානන්දා මහතා ඇතුළු ඔහුගේ ‌ගෝලබාලයන් පිරිසක් තමාට බැනවැදුණු සිද්ධියකට අදාළව පළිගැනීම සදහා ඔහු ඉලක්කය වූ බව සිවරූබන් විමර්ශකයන්ට පවසා ඇතැයි වාර්තා ‌ෙවේ.

ඒමෙන්ම කරුණා අම්මාන් ඉලක්කය වී ඇත්තේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදය ශ්‍රී ලංකා හමුදා විසින් පරාජය කරන ලද්දේ කරුණා අම්මාන් නිසා බවට ඔහු විශ්වාස කරන බැවින් යැයි ද සැකකරු අනාවරණය කර ඇත.

ිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් සමග කල්ලි ගැසෙමින් ඒම සංවිධානයට යළි පණදීමට සැලසුම් කළ ‌වෛද්‍ය නිලධාරියා ඒහි පළමු ඉලක්කය ‌‌ලෙස ‌මෙලෙස තබාගෙන ඇත්තේ කරුණා අම්මාන් සහ ඩග්ලස් ‌දේවානන්දායි.