LTTE තහනම අඛණ්ඩව ගෙනයන ලෙස ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

Picture of අසංක

අසංක

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම අඛණ්ඩව ඉදිරියටත් පවත්වා ගෙනයා යුතු බවට ඉන්දියාව, බ්‍රිතාන්‍ය රජය වෙතින් ඉල්ලීමක් කර ඇත.

ඉන්දියාව එවැනි ඉල්ලීමක් කර ඇත්තේ එක්සත් රාජධානියේ “තහනම් කරන ලද සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසම” විසින් පසුගිය මාසයේ දී එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තිබූ නම්කිරීම ඉවත් කිරීමට ගත් පියවරත් සමගය

ඒ අනුව එම සංවිධානයට එරෙහි තහනම ඉවත් නොකළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳ ව තොරතුරු එබ්‍රිතාන්‍ය සමග හුවමාරු කරගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇත