පැතුම් වික්‍රමරත්න
එම් සී සී හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් නොතබන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එම ගිවිසුමට අද (05)අත්සන් තැබිමට සූදානම් වන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බැවින් රජයෙන් මෙම ඉල්ලීම කරන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම එම ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට සහ අමෙරිකානු රජයට දැනුම් දෙන ලෙසද ශ්‍රී ලංකා නිතිඥ සංගමය රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.