ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම අධ්‍යයනය කිරීමට පත්කළ විද්වත් කමිටුව සැලසුම් කර ඇත.
මේ අනුව යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධව මෙන්ම එහි අන්තර්ගතය සහ ගිවිසුම අත්සන් කිරීමෙන් රටට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ඕනෑම ආයතනයක, පුද්ගලයකුට හෝ සංගමයකට තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
ලබන මස 15 වැනිදාට පෙර ‘සභාපති, එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ-03’ යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිය යුතු යැයි තීරණය කළහොත් කමිටුව ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වීමේ අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.