නවතම පුවත්

MCC ගිවිසුම් ගැන මහජන අදහස් විමසයි

අසංක

අසංක

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම අධ්‍යයනය කිරීමට පත්කළ විද්වත් කමිටුව සැලසුම් කර ඇත.


මේ අනුව යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධව මෙන්ම එහි අන්තර්ගතය සහ ගිවිසුම අත්සන් කිරීමෙන් රටට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ඕනෑම ආයතනයක, පුද්ගලයකුට හෝ සංගමයකට තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.


ලබන මස 15 වැනිදාට පෙර ‘සභාපති, එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ-03’ යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිය යුතු යැයි තීරණය කළහොත් කමිටුව ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වීමේ අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්