MCC ගිවිසුම අත්සන් තබා පාර්ලිමේන්තුවට යවන්න – අමෙරිකාව

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් , ප්‍රධාන ආධාර ගිවිසුමට ශ්‍රී ලංකික ජනතාවගේ සහයෝගය ඇත්දැයි සොයා බැලීම සඳහා එය පාර්ලිමේන්තු වෙත යොමු කරන බව ඇමෙරිකානු රජය අවධාරණය කර සිටී.

ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කළ පසු, ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇති බවත් එවිට ගිවිසුම සමාලෝචනය කිරිමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් හිමිවන බවත් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම ප්‍රධාන ආධාර ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීකයන් මිලියන 11 කට අධික සංඛ්‍යාවක් ඍජු ප්‍රතිලාභ ලබන අතර, ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇති බවද මෙම නිවේදනයේ දැක්වේ.