විදේශිකයින් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන On Arrival වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට මෙරට රජය තීරණය කර ඇත.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරයන්හි යෙදීමෙන් වලකින ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටි
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරි යාමේ අවධානම මඟහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යන නිරෝධාන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන ලාංකිකයින්ට පමණක් නොව විදේශිකයින්ටද අදාල බව රජය නිවේදනය කර සිටි.