පැතුම් වික්‍රමරත්න
මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන ඉගැන්වීම් කටයුතුවලින් අද සිට ඉවත් වීමට ගුරු සංගම් තීරණය කර ඇත .
සිය ගුරු සංගම් නියෝජිතයින් අනීතික ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රදවා සිටීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ක්‍රියාත්මක කරන බව ගුරු සංගම් පැවසුවේය ..
ඒ අනුව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය සහ විදුහල්පති සේවා සංගමය ඇතුලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති 11ක් හෙට සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනු ඇත.
කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු පිරිසක් මේ වන විට මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමු කර සිටි.