නවතම පුවත්

PCR දසදහසකින් අඩු කළැයි PHIලාගෙන් චෝදනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සදහා ,දිනකට සිදු කරන ලද 25,000ක් පමණ වූ PCR පරීක්ෂණ මේ වන විට දිනකට 15,000 දක්වා අඩු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටී

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මේ වන විට සමාජයේ ගැවසෙන ආසාදියන් සොයා සිදු කරන අහඹු PCR පරීක්ෂණ ද මුළුමනින්ම නවතා දමා ඇති බවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පවුලක එක් කොරෝනා ආසාදිතයෙන් හමු වූ පසු මුළු පවුලම පාහේ කොරෝනා ආසාදිතයන් වන බැවින්  Exit PCR පරීක්ෂණ නවතා දමා ඇති බවකි  හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

” වසංගත රෝග විශේෂඥවරුන් තීරණය කරනු ලබන ඉලක්ක අනුවයි පී සී ආර් පර්යේෂණ කෙරෙන්නේ . . පසුගිය කාලෙදි Exit PCR කියලා එකක් කළා. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් ආසාදිතයෙක් වුවහොත් ඔහුගේ ආශ්‍රිතයින් ඉන්න මුළු නිවසෙම අය නිරෝධායනය කරලා දින 14ක් ඇතුළත ඔවුන්ව නැවත පරීක්ෂණයකට භාජනය කරනවා. , අද මේ තියෙන වසංගත ප්‍රභේදය අනුව ඔක්කොම වගේ බහුතරයක් පොසිටිව් වෙච්ච තත්වයක් තිබුණා.ඒ  හින්දා ඉදිරි කාලයෙදි  අලුතින් ආසාදිතයින් සොයාගන්න ක්‍රමවේදයක් ඇතිකරන්න කියලා උපදෙස් ලබාදීලා තියෙනවා මේ වනවිටත්. ඒ අනුව පී සී ආර් ගණනේ  යම්කිසි අඩුවක් තිබෙන්න පුළුවන්”.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්