නවතම පුවත්

PCR පරීක්ෂණ අඩුවෙයි GMOA අනතුරු අඟවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
PCR පරීක්‍ෂණ ප්‍රමාණය අඩුකර  , රට තුල පෙන්නුම් කරන  කොවිඩ් රෝගීන් ගණන  අඩු කරගැනීමට උත්සාහ දරනවානම් එය බෝම්බයක් මත සිටිනවා වැනි භයානක කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී .
දෛනිකව මෙරට තුල සිදුකෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව  මේ වනවිට   10000  දක්වා අඩුවී ඇති බවත් ,මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහාම යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසීය ,
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය .
pcr පරීක්ෂන ධාරිතාව  20,000 දක්වා ඉහළ නංවා ගතයුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයම දැනුම් දී තිබි‍යදී පසුගිය දෙසතිය ඇතැම් අවස්ථාවල එය 10,000ටත් අඩු මට්ටමකට පහත වැටී තිබුණ,  එතකොට අපි දැන් අපේ රෝගීන් ගාණ අඩු කරගන්න කරමින් ඉන්නෙ PCR ප්‍රමාණය අඩුවීමෙන් රෝගීන් අඩුවෙනවා නම් ඒක අපිට නොපෙනෙන සැඟවුණු බෝම්බයක් තමයි මේ දැල්වෙමින් තියෙන්නෙ.
ඒ නිසා විශේෂයෙන්ම අපි PCR ධාරිතාවය උපරිමය කරමින් ඒ ධාරිතාවය එක්තරා මට්ටමක පවත්වා ගනිමින් තමයි මේ ආවේක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ඕනෙ. දැන් අපි PCR වැඩි කරලා රෝගීන් ටික හඳුනාගත්තෙ නැතිනම් ඉදිරියේදී රෝගීන් තව වැඩිවෙන්න පුළුවන්. බලධාරීන්ට අපි ඒ පණිවිඩය දෙන්නෙ, මේ තත්වය ගැන සැලකිලිමත් වෙන්න. ජනතාවට වගේම අපි හැමෝටම මේ වෙලාවෙ වගකීමක් තියෙනවා”
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්