නවතම පුවත්

දෛනික PCR ගණන 5000ට බහී – ආසාධිතයින් හමුවීමේ ප්‍රතිශතය 17% දක්වා ඉහළ නගී!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ 5,159 කින් කොවිඩ් ආසාදිතයින් 895 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටි

ඒ අනුව PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ ප්‍රතිශතය සීයයට 17ක අගයක් දක්වා ඉහල නැග ඇත

එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් 218 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් ආසාදිතයින් 71ක්, තලංගම 30ක්, කොළඹ – කොටුව 19ක්, කොට්ටාව 18ක්, මොරටුව 11ක් ලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙ

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී ඇත. එම දිස්ත්‍රික්කයේ වැල්ලව ප්‍රදේශයෙන් 95ක් ද, කුලියාපිටියෙන් 20ක්, කුඹුක්ගැටේ 12ක් ලෙස වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී ඇත. බේරුවල ප්‍රදේශයෙන් 93ක්, කළුතර 32ක් සහ කළුතර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 129 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් වැඩිම ආසාදිතයින් 48ක් දිවුල්පිටියෙන් සහ 17 දෙනෙකු රාගම ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක්, මහනුවර 18ක්, ගාල්ල 10ක්, යාපනය 20ක්, කෑගල්ල 14ක්, අනුරාධපුර 07ක්, ත්‍රිකුණාමලය 09ක්, මොණරාගල 18ක්, මාතර 01ක්, හම්බන්තොට 18ක්, පොළොන්නරුව 01ක්, මාතලේ 22ක්, අම්පාර 16ක්, බදුල්ල 11ක්, මුලතිව් 08, නුවරඑළිය 04, මන්නාරම 01, රත්නපුර 09 සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්