නවතම පුවත්

QR ඉවරයි – අලුත් ෂෙඩ් රටපුරා

අසංක

අසංක

QR ක්‍රමවේදය යටතේ සතිපතා ඉන්ධන කෝටාවකට සැපයීම අද (01) සිට අහෝසි කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

ගෝලීය කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් සමග උග්‍ර වූ විදේශ විනිමය අර්බුදය නිසා ආනයනය කරනු ලබන ඉන්ධන වැඩි පිරිසකට බෙදාහැරිය හැකි වන පරිදි QR ක්‍රමවේදයකට ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම මෙතෙක් සිදුවිය.

චීනයේ සිනොපෙක් සමාගම ඊයේ සිට මෙරට තුළ ඉන්ධන අලෙවිය ආරම්භ කර ඇත.

මෙරටට තෙල් ආනයනය, අලෙවිය හා බෙදාහැරීමට තෙල් නිෂ්පාදන රටවල පෞද්ගලික සමාගම් වෙත මෙරරට රජය අවසර දීමත් සමග මෙරට තෙල් අර්බුදයට සහනයක් හිමිවීමෙන් මෙම පියවර ගැනීමට රජයට අවකාශය සැලසී තිබේ.

මේ අතර තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් නියාමනය සඳහා විශේෂ නියෝජිතයන් පත්කිරීමට රජය පියවර ගෙන තිබේ.

නව ඉන්ධනහල්වල අවශ්‍යතාව හඳුනාගැනීමට අවශ්‍ය වාර්තාවක් සපයන ලෙස සහ නව ඉන්ධනහල් වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු නිර්ණායක නැවත ලැයිස්තුගත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද අදාළ නිලධාරීන්ට උපදෙස් දි ඇත.

ඉන්ධන ආනයනය සැලසුම, ඉන්ධන ගබඩා පහසුකම් පුළුල් කිරීම, ලිහිසි තෙල් බෙදා හැරීම සිපෙට්කෝ ජාලය මගින් පුළුල් කිරීම, ගුවන් යානා ඉන්ධන තරඟකාරී මිලකට පවත්වාගෙන යාම, පිරිපහදුවේ සංවර්ධන කටයුතු, විද්‍යුත් ප්‍රසම්පාදන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම, වෝහාරික විගණනයන් අවසන් කිරීම, සේවක උසස්වීම් සහ ඇගයීම් පටිපාටිය සම්බන්ධ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරනු ලැබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්