නවතම පුවත්

SI අතින් ඝාතනය වූ කුරුවිට තරුණිය ගැන සජබ ආසන සංවිධායක වැලිඅංගේගෙන් සටහනක්

අසංක

අසංක

කොළඹ කොටුව වේල්ලවීදියේ බෑගයක තිබී හමුවූ හිස සුන් මළසිරුර අයත් කුරුවිට තරුණිය පිළිබඳ සමගි ජනබලවේගයේ හෝමාගම ප්‍රධාන ආසන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

“ලොකු මිනිස්සු මට ලොකු නෑ..හොඳ මිනිස්සු මට ලොකු “..

ආදරණීය දිලිනි යෙහන්සා සොයුරිය .ඔබට සුභ ගමන්…

හිත් පිත් නැති ලෙස තමා ආදරය කල තරුණියව තමා අතින්ම මරා දමන්නට කෙනෙක්ට හැකි නම් මිනිස්කම කොයි තරම් නම් සිල්ලරට අලෙවි වන තැනකට අප පත්ව ඇතිද යන්න අමුතුවෙන් කිවයුතු නැත.එසේ මරා හිස වෙන් කොට සිරුරද බෑගයක දමා බස් රියට නැගී එය රැගෙන යන්නට තරම් මිනිසෙකුට හිතක් හදා ගත හැකිද ?

දියණියක් යනි නිවසටම සිරිකත කැන්දන දෙවි දුවකි.ඇය ඉපදුන දවසේ ඇය හඬන විට ඇගේ මවුපියන්ද තුටු කඳුලු වගුරමින් සිනහ වන්නට ඇත.බහ තෝරන වියට විත් හැදී වැඩී සමාජයට එක් වන ඇගේ හිතේද දහසකුත් බලාපොරොත්තු හීන පොදි බැදගෙන තිබෙන්නට ඇත.ආදරණීය ප්‍රේමවන්තයෙකු ,දයාබර සැමියෙකු,යහපත් පවුල් ජීවිතයක්..ඇගේ හීන අතර ඉදිරියෙන්ම තිබෙන්නට ඇති.

එහෙත් ඒ සියලු හීන බලාපොරොත්තු එක තත්පරයකින් විනාඩියකින් සුනු විසුනු කොට ඇගේ ආත්මයම වනසා දමන්නට තරම් මිනිසෙකුට හිත හදාගන්නට පුලුවන් වීම දෛවයේ සරදමකි.ඒ මිනිසා, තම ප්‍රාණ සම ප්‍රේමවන්තයා වීම ඊටත් වඩා හද පාරවන්නකි.

ආදරණීය දිලිනි යහන්සා සොයුරිය..

මා ඔබව මුල් වරට හඳුනා ගන්නේ මීට වසර කිහිපයකට ඉහත දී යෞවන සමාජ ක්‍රියාකාරණියක් වශයෙනි.එදා සිටම කඩිසරව යුහුසුලුව අන් අයගේද ආදරය දිනා ගන්නට තරම් ඔබ වාසනාවන්ත විය.

අවසන් වරට මට ඇගෙන් ඇමතුමක් එන්නේ පසුගිය මාසයේ දීය.ඒ ඇගේ මිතුරියකගේ කුඩා දරුවෙකු සම්බන්ධ ගැටලුවකටය.එහෙත් එදා ඇය කියූ ඒ ගැටලුව ඇගේ ගැටලුවක් බව මා තුන් හිතකින් වත් නොසිතුවේය.

එදා එලෙස කතා කල ඇය ගැන මෙදා මෙලෙස සටහනක් තබන්නට සිදුවේ යැයි මට කිසි දිනෙක නොසිතුණි..

තම ප්‍රේමවන්තයා විසින් ඔබේ ජීවිතය උදුරාගන්නා මොහොතේත් ඔබ ඔහුටම ආදරය කරන්නට ඇති.ආයාචනාත්මක දෑසින් ඔහුගෙන් ජීවිතය අයදින්නට ඇති.එහෙත් ඔබව ජීවත් කරවන බවට සපථ වූ ඔහුම ඔබේ ජීවිතය උදුරාගෙන ඔබව මරා දමන්නට තරම් සැහැසි වූ බව කෙසේ නම් අප අදහා ගන්නෙමුද ?

දයාබර නැගණිය..කොහේ හෝ සිට ඔබ කම්පිතව බලා හිදිනු ඇත.ඔබේ දෙමව්පියන් හිතවතුන් ඔබ අහිමි සොවින් තැවෙනු ඇත.සමීපතමයින් ලෙසින් ඔබේ වියෝවෙන් අපවද දැවෙනු ඇත.

යුවතියකට දියණියකට සමාජයෙන් එන අභියෝග හමුවේ මෙවැනි අවාසනාවන්ත ඉරණම් කතා ලියවෙනුයේ දිලිනි සොයුරියගේ නම ඉදිරියෙන් පමණක්ම නොවන බවද අප දනිමු.මෙසේ කටුක අත්දැකීම් ලබා අකලට මිලින වූ පලමු හෝ අවසන් තරුණියද ඇය නොවනු ඇත.

එහෙත් නීති බලාත්මක කරනවා මෙන්ම, ඇතැම් ප්‍රශ්න හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තැනට පත් වීමට පෙර සමාජ ශෝධනයෙන් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කල හැකි නම් මෙවැනි කඳුළු කතා මින් මතු නොලියවෙනු ඇත.

ඒ වෙනුවෙන් සමාජීය සහ සාර්ධර්ම වශයෙන් අප තවත් යහ දමින් සවිමත් විය යුතුය.ප්‍රශ්නයක් වූ විට විසඳනවා වෙනුවට ප්‍රශ්නය නිර්මාණය වීමට පෙර විසඳුමක් ලබා දිය හැකි නම් ස්ත්‍රිත්වයට මෙලොව තවත් සුන්දර තැනක් වනු ඇත.

නැගණිය…අපට එකට එක් වී ඔබ වෙනුවෙන් කල හැකි යමක් ඉතිරිව ඇත්නම් නොපමාව එය කරන්නෙමු.මෙවැනි හිත් පිත් නැති නරුමයින්ට ඔබ වැනි නැගණිවරු බිලි වීම වලක්වාලන්නට අපට හැකි නම් ,ඔබත් කොහෝ හෝ හිඳ නිහඬවම ඒ ගමනට ආශිර්වාද කරනු ඇත.”

සබැඳි පුවත්
වේල්ලවීදියේ බෑගයක තිබූ මළසිරුර අයිති තරුණියගේ දේශපාලන සබඳතා හෙළිවෙයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්