SLC ලේකම් ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

දිගින් දිගටම සිදුවන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් තේරීම් කමිටුවට විරුද්ධව, විෂය භාර අමාත්‍යවරයා ඇතුළුව පාර්ශ්ව කිහිපයකින්ම විවේචන එල්ල වෙමින් ඇති පසුබිමක මෙම ඉල්ලා අස්වීම සිදුවේ.

දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඊයේ ප්‍රකාශ කළේය.

ක්‍රිකට් අයාතනය විසින් ජනපති වෙත ලිපියක් යවා තිබුණේ විෂයබාර අමාත්‍යවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයාට මෙම අර්බුද විසඳීමට මැදිහත් වන ලෙසත් ය.

විවිධ පාර්ශ්ව විසින් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහ, විරෝධතා ද පවත්වා තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන්වලට ක්‍රිකට් බලධාරීන් වගකිව යුතු බවට පවසමිනි.