එළඹෙන මැතිවරණය ඉලක්ක කරමින් ශ්‍රීලනිපයේ ප්රතිසංවිධාන කටයුතු වේගවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව ලබන 10 දිනට පෙර දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් ශ්‍රීලනිප මැතිවරණ කමිටු පිහිටුවීමටද එම පක්ෂය සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සංධානගතවීම සිදුවුවත් නැතත් , පක්ෂයක් ලෙස ශ්රීලනිපය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පක්ෂයේ ප්‍රධානීන් මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇති බවද වාර්තාවේ.
එහිදී ආසන සංවිධායකවරුන් පත්කිරීමේ වැඩපිළිවෙලද එළඹෙන ජනවාරිය අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට පක්ෂය සැලසුම් කර ඇත