STF එකේ ලොකු පුටුවක් ගැන අගමැති ඇතුළු පිරිසක් ජනපතිගෙන් ඉල්ලූ දේ

Picture of අසංක

අසංක

පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුව පාර්ශ‌්වයෙන් ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි 05 වැනිදා වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඔහු විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකුගෙන් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇත.

එළැඹෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලතීෆ් මහතාට සේවා දිගුවක් ලබාදීමට සම්බන්ධයෙන් කථාබහ කිරීමට අපේක්ෂා කරන බවද සදහන් වේ.

ලතීෆ මහතා යොදාගෙන මත්ද්‍රව්‍ය හා පාතාල මර්දන කටයුතු ශක්තිමත්ව ඉදිරියට කරගෙන යාම, මෙම සේවා දිගුව ලබාදීමේ අරමුණ වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ