STF ලතීෆ්ට වසරක සේවා දිගුවක්

Picture of අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  එම්.ආර්.ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු මුළු අමාත්‍ය මණ්ඩලයේම එකගත්වය මත මේ පිළිබද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

‌ලතීෆ් මහතා විශ්‍රාම ගැනීමට නියමිතව තිබූ අතර ඔහුගේ සේවා කාලය තුළ කරන ලද පාතාලය හා මත්කුඩු වැටලීම් ආදිය මෙන්ම ජ්‍යෙෂ්ඨත්වය ද මෙම සේවා දිගුවට අමාත්‍ය මණ්ඩලයේම ඒකමතික අනුමැතිය ලැබීමට හේතුවී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ