පැතුම් වික්‍රමරත්න
දෙමල ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් යන සංවිධාන වල දේශපාලන මණ්ඩල , සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම පිළිබඳව මේ වනවිට එකඟතාව පළකර ඇති බව වාර්තාවේ.
සෙසු නිලධාරීන් සමග නැවත වරක් ඒ පිළිබඳව සාකච්ජා කර මෙම පක්ෂ දෙකෙහිම අවසන් තීරණය ඉදිරි දෙදින තුල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මාධ්‍ය වෙත පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෙම පක්ෂ දෙකෙහි නායකයින් අතර විශේෂ සාක්ච්ජාවක්ද අද කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිප්‍රකාශනය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ජා වී ඇති බවද වාර්තාවේ.
එසේම ද්‍රවිඩ ජනතාවට ලබාදෙන දේශපාලන විසදුම සම්භාන්ධාවද මෙහිදී කරුණු සාකච්ජා වී ඇත.