TNA-ITAK-එජාපෙ එක්ක සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

ද්‍රවිඩ ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින් හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර විශේෂ සාකච්ජාවක් ඉදිරි දෙදින තුල පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවේයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කර සිටී.

ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය දරන ස්ථාවරය පිළිබඳව එම සාකච්ජාවෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව මාවෙයි සේනාධිරාජා මහතා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ පුළුල් ලෙස සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවද සේනාධිරාජා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයා පසුගියදා යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී ප්ලෝට් සංවිධාන නායකත්වය හා ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායකයින් සමඟ එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා ඇති බවද සේනාධිරාජා මහතා ප්‍රකාශ කර ඇත