නවතම පුවත්

“විෂ” සහිත සබඳතාව (Toxic Relationship )

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Toxic relationship ගැන කතාබහා බොහෝ ය. මුහුණු පොතේ දුක අහන්න/කියන්න හදාගෙන ඇති ගෲප්වල දාන කතන්දර කියවන විට සියලුම සබඳතා toxic යැයි සිතෙන තරමට ඒවා වැහිවැහැලාය. Toxic relationship ගැන බුකියෙ standards හරිම අපහැදිළිය. දාලා යන්න යද්දී මරණවා නම් අනිවාර්යයෙන් toxic බව පැහැදිළිය. ඒක ගැනත් බුකියේ තර්කය. හැම සතියෙම බීලා යාළුවන්ගේ කරමතින්විත් තමන්ගේ සහා දරුවන්ගේ සතුට නැතිකරන සැමියාට එහෙම සෙට්වීම්වලට නොයා සිටින ලෙස කියන බිරිඳත් toxic ලු.. හැබැයි උපාධියකුත් තියෙන බිරිඳට රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉන්න, මන් කන්න අඳින්න දෙන්නම් කියන පිරිමි ඒ කියන්නෙ ආදරේටලු… තම බිරිඳට අපහාස වෙන අයුරින් පෝස්ට් දාන පිරිමින් ආතල් චරිත ය. තම සැමියාව කාන්තා ගෲප්වල ප්‍රසිද්ධියේ විවේචනය කර පෝස්ට් දාන ගැහැණුන් වීරවරියන්‍ ය. ඒවා ආරංචි වී ඒවාට දුක හිතෝගන්නා, කෝපගන්නා බිරියන්, සැමියන් toxic ය. (නෑ… මට එහෙම දෙයක් වෙලා මේ ඒ තරහා පිටකරගන්න විදිහ නොවේය.. එච්චරම toxic උන් මගේ ජීවිතේ ඉඳ නැත 🙃)

ඒවා ගැන උපදෙස් දෙන අයත් ඒ තරම්ම බහුලය. අර සමහර පිරිමි ගෲප්වල කමෙන්ට් දැක කට්ටියට හික් ගෑවී තිබුණ එක සාධාරණය. ඒ ගොබ්බකමට ඇත්තටම වයස් බේදයක් හෝ පරපුරක් අදාළ නැත.. වයසින් අඩු ගොබ්බයො වැඩිපුර බුකියේ සැරිසැරීම නිසා එලෙස පේනවා විය හැක. සමහර දුක අහන අක්කලා ඔක්කොටම හපන් ය. මරණාසන්න වෙනකම් ගුටිකා අඬාගෙන දුක කියන විට “නංගි දරුවො වෙනුවෙන් ඉවසන්න” කියන අක්කලා තාමත් ඉන්නවෝ ය. ඒ අතර මහත්තයා මට ඔෆිස් එකේ ට්‍රිප් එක යන්න දෙන්නෙ නෑ කියපු පමණින් “නංගි ඔයා devorce වෙන්න” කියන අක්කලාත් ඉන්නවෝ ය. (ඔව්.. මහත්තයා එහෙම කරන එක සම්පූර්ණයෙන්ම වැරදිය… හැබැයි සමහරවිට කතාබහ කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන… 🤭).

අද මේ සිදුවීම ගැන කතාකරන එක වීඩියෝ එකක පිරිමින්ට රෝල් මොඩල්ස් බලලා හැදෙන ලෙසටද, සැබෑ ජීවිතේ එහෙම පිරිමි නැත්නම් කලාකරුවන් මහන්සි වෙලා ගොඩනගන චරිත ලෙස බලා හැදෙන ලෙසටද උපදෙසක් ලැබුණි.

අමෝ අමෝ.. අපේ කොල්ලො ආදර්ශයට ගන්න ඕනෙ… අර කොම්බු නාලිකාවෙ පැය 4ක් පුරාවට යන නාට්‍යය පේළියේ ඉන්න තරුණ පිරිමිද? නැත්නම් අත පය වීසිකරලා ප්‍රශ්න විසඳන්න හදපු සරාවද? නැත්නම් සියලුම පුද්ගලික නාලිකාවල (රජයේ නාලිකා කවුරුත් බලන්නෙ නෑලුනෙ) අඩුමගානෙ දවසට එකක්වත් පෙන්නන දකුණු ඉන්දියානු චිත්‍රපටවල ඉන්න පළිගැනීම ජීවිතේම කරගත්ත පිරිමිද? (උතුරු ඉන්දියානු ෆිල්ම්වල අය කියලත් වෙනසක් නෑනෙ) නැත්නම් රූපවාහිනීයෙ Netflix එකේ යන ඉංග්‍රීසි චිත්‍රපට, drama seriesවල පිරිමිද? අර හැමෝම බලපු GOT වගේ ඒවයෙ පිරිමි? දෙවියන්ගේ පිහිටය.. අබ සරණය… 🙊

ඕ… ඒවායේ ඉන්න තරුණ කාන්තාවෝ කියලා උනත් එච්චරම වෙනසක් නැත… ඔව් ඉඳලා හිටලා එන හොඳ කලාකෘතීන්වල, හොඳ චරිත, රෝල් මොඩල්ස් ඇති බව පිළිගනිමි. නමුත් ප්‍රශ්නෙ ඒවා අරවායේ බහුලත්වයට ළඟින්වත් තැබීමට නොහැකිවීමය. මොකද entertainment industry එකට එහෙම චරිත ප්‍රමෝට් කිරීමට කිසිම උවමනාවක් නැත. එයාලට ඕනෙ මෙහෙම ආවේගශීලී customers හදන්නය… කොකාකෝලා බෝතලේ කීය වුනත් සල්ලි දීලා අරගෙන බොන්න හිතෙන්නේ එහෙම අයටය .. බුද්ධියෙන් විමසා බලන කිසිම කෙනෙක් රුපියල් සීයක් දීලා සිගරට් එකක් ගන්නේ නැත. ඒ impulsivity නැත්නම් ආවේගශීලීත්වය නැත්නම් ඒගොල්ලන්ගේ බිස්නස් පාඩු ය.

ඔව්… ඉතින් මේ එයාලාම වපුරපු ඒවායේ අස්වැන්නය… දැන් මෙතන සමාජයට දොස් කිව්වාට මේ සිස්ටම් එක දශක ගාණක්, පරම්පරා ගාණක් තිස්සෙ අපිව දැක්කුවේ මේකටය. තමන්ගේ ආවේග පාලනය කරගන්න හැකියාවක් නැති මිනිස්සු නිසා මෙහෙම සිදුවීම් ඉස්සරත් සිදුවුනේය. දියුණු රටවලත් සිද්දවෙන්නේය. එහෙ මෙහෙට වඩා වැඩිවීමටත් ඉඩ ඇත.. මොකද ඒ ගොබ්බ හැසිරීම සාමාන්‍යකරණය කර, උත්කර්ෂයට නංවා සාමාන්‍ය ප්‍රතිශතය ඉක්මවූ ප්‍රතිශතයකට ඒ හැසිරීම ප්‍රවර්ධනය වන්නේය. ඒ නිසා පින් සිද්දවෙයි සැබෑ ජීවිතේ ඇත්ත රෝල් මොඩ්ල් හොයාගන්න බැරිනම්, ඔය කාඩ්බෝඩ් වීරයෝ රෝල් මොඩල් කරනොගෙන ඔබේ බුද්ධියෙන් විමසා බලා තමන්ගෙ ගෞරවය රැකෙන විදිහට ජීවත් වෙන්ඩලාය… එතකොට අනිත් අයටත් රෝල් මෝඩල්ස් ඉබේටම හැදෙන්නේය.. 🤭❤

මනුජා පෙරේරා ( ප්‍රජා වෛද්‍ය විශේෂඥ  )

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්