නවතම පුවත්

UAEහි අවුරුදු 17ට අඩු දරුවන්ට සයිනොෆාම් දීමට පියවර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වයස අවුරුදු 3-17 අතර ළමුන් සඳහා චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කරන බව එහි රජය පවසයි.

සායනික අත්හදා බැලීම් සහ පුළුල් ඇගයීම් වලින් පසු මෙම තීරණය ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය හා වැළැක්වීමේ අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

එහි බලධාරීන් පැවසුවේ ජුනි මාසයේදී මෙම අත්හදා බැලීම මඟින් ළමුන් 900 ක ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නිරීක්ෂණය කළ බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම වයස් කාණ්ඩය සඳහා එන්නත නිකුත් කිරීමේ තීරණය මගින් සැප්තැම්බර් මාසයේදී බොහෝ ළමයින්ට ආරක්ෂිතව පාසැල් වෙත යාමට සහය වීමට ඉඩ ඇත.

විශේෂයෙන් කොවිඩ් නව ප්‍රභේද ලොව පුරා ආසාදන අනුපාතය වැඩි කරන බැවින් එහි රජය මෙම පියවර ගෙන ඇත.

ලොව ඉහළම ප්‍රතිශක්තිකරණ අනුපාතය හිමි ගල්ෆ් අරාබි රාජ්‍යය, වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත මේ වන විටත් ලබා දෙමින් සිටි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා