නවතම පුවත්

UAE වෙතින් කොරෝනා මඬින කඩිනම් ප්‍රතිකාරයක්

අසංක

අසංක

COVID-19 ආසාදිතයින් සඳහා නව්‍ය හා සාර්ථක ප්‍රථිපල පෙන්වන කඩිනම් ප්‍රතිකාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික අමාත්‍යාංශය විසින් පේටන්ට් බලපත්‍රයක් නිකුත් කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ වෛරසය ආසාදිත රෝගියාගේම රුධිරයෙන් ප්‍රාථමික සෛල නිස්සාරණය කර ඒවා යළි සක්‍රිය කොට සිරුරට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියක් මගින් මෙම ප්‍රතිකාරය සිදු කිරීමයි.

මෙම අබුඩාබි ප්‍රාථමික සෛල මධ්‍යස්ථානයේ (ඒඩීඑස්සීසී) වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් වැඩි දියුණු කර ගැනුණකි.

ප්‍රාථමික සෛල එකතු කරන මෙම නව ප්‍රතිකාර ක්‍රමයට එරට පේටන්ට් බලපත්‍රය ලබා දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී COVID-19 රෝගීන් 73 දෙනෙකුට මෙම ප්‍රතිකාරය ලබා දී සාර්ථක ප්‍රථිපල අත්කරදී ඇත.

පෙනහළු සෛල පුනර්ජනනය කිරීමෙන් සහ COVID-19 ආසාදනයට අධික ලෙස ප්‍රතික්‍රියා කිරීමෙන් මෙන්ම සෞඛ්‍ය සම්පන්න සෛලවලට තවදුරටත් හානි කිරීමෙන් වළක්වා ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වෙනස් කිරීම මගින් එහි චිකිත්සක බලපෑමක් ඇති බව මෙහිදී උපකල්පනය කෙරේ.

ප්‍රතිකාරය සායනික අත්හදා බැලීම්වල ආරම්භක අදියර සාර්ථකව සිදු කර ඇති අතර එහි ආරක්ෂා සහිත බව පෙන්නුම් කර තිබේ.

ප්‍රතිකාර ලබාගත් කිසිදු රෝගියෙකු ක්ෂණික අහිතකර ප්‍රතිපල මෙතෙක් වාර්තා කර නැතැයි එරට රජය පවසයි.

මෙම ප්‍රතිකාරයේ කාර්යක්ෂමතාව පෙන්නුම් කිරීමේ අත්හදා බැලීම් අඛණ්ඩව සිදුවන අතර සති කිහිපයකින් එය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බව එරට රජය අවධාරණය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්