නවතම පුවත්

VIP වාහන යන්න පාර වැසීම තහනම්

අසංක

අසංක

මහජනතාවට අවහිර වන පරිදි ප්‍රභූ වාහන වෙනුවෙන් මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කර ඇත.

ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

බොරැල්ල සේනානායක හංදියේදී පසුගියදා ප්‍රභූ වාහනයක් ගමන් කිරීම වෙනුවෙන් මාර්ගය වසා තිබූ අවස්ථාවක එහි තදබදයට ලක්වූ සියලුම වාහන රියැදුරන් එක හඬින් නළා නාද කරගෙන් සිටි වීඩියෝ පට සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය විය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සමාජ ජාලා තුළ ජනතාව හඬ නැගූයේ මෙය අඛණ්ඩව සිදු කළ යුතු විරෝධයක් ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්