WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත.
ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායී භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP password තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අනුකාරක (Fake web) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (Social Media) වේදිකාවන්, SMS, WhatsApp හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇත. ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි. විශේෂයෙන්ම WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධ කරුවන්ගේ ග්‍රහනයට ගනු ලබයි. එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදුකරනු ලබයි.
මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි. අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ගනුදෙනු හා වෙනත් කාර්යන්හිදී ඔබගේ පුද්ගලික දත්ත ලබාදීමේදී අදාල කාර්ය සදහා එම දත්ත ලබාදීම කොතෙක් දුරට අදාළ වන්නේද යන්න විමසා සිටීම ඔබගේ අයිතියකි. එමෙන්ම අන්තර්ජාල ගනුදෙනුවලදී සමාජ මාධ්‍ය හා විවිධ සන්නිවේදන ජාල හරහා ලැබෙන පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ නිතානුකුල භාවය හා ව්‍යාජ නොවන බව තහවුරු කරගන්න ලෙසද දැනුම් දෙයි. සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණ හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගත හැකිය. එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ඒ ඒ සමාජ මාධ්‍ය හා අන්තර්ජාල සේවාවන් ගේ ඇති ද්විත්ව සථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසද ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නවතම පුවත්
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
එළඹෙන 18 වෙනිදා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව ජාතික ජනපදවියගේ අනුරාධපුර දිස්ත්‍රික්...
16 November 2024
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
පසුගිය මහ මැතිවරණයෙන් රනිල් නායකත්වය දී බරපතළ පරාජයක් ලද එක්සත් ජාතික පක්ෂයේ සෙවණැලි පක්ෂය වූ සිලින්ඩර්...
16 November 2024
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
රන්ජන් රාමනායක මහතා නායකත්වය දරන දේශපාලන පක්ෂය මෙහෙයවනු ලබන්නේ කොටි සංවිධානයටද සම්භන්ධ දේශපාලන හා මූල්‍ය...
12 November 2024
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය...
08 November 2024
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා...
29 October 2024
මේ ඔක්කොටම මුල දූෂණයද?
(ඩැනියෙල් අල්ෆොන්සස් විසින් Daily FT වෙත ලියූ ලිපියක් ඇසුරෙනි )
හොරු අල්ලන්න ඕන – හොරා කාපු...
29 October 2024
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු...
29 October 2024
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
පසුගියදා (16) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම,...
24 October 2024
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
- 3 weeks ago
- 3 weeks ago
පැතුම් වික්‍රමරත්න
No posts found