ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් ලෙස කටයුතු කරන බවත් මෙම තත්වය වෙනස් නොවුනහොත් ඉදිරියේදී
එම සංවිධානය හා පවතින සියලුම සබඳතා පූර්ණ ලෙස අත්හිටුවන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර සිටී .
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි දින 30 ඇතුලත තම ගමන් මග වෙනස් නොකළහොත් එයට ලබාදෙන ආධාර ස්ථීර වශයෙන්ම අත්හිටුවීමටද ඉදිරියේදී කටයුතු කරන බව ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විනිවිද පෙනෙන සුළු ආකාරයට කටයුතු කළයුතුව ඇති බවත් ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කර ඇත.
මේ කරුණු අඩංගු ලිපියක්ද ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කර ඇති බවද වාර්තාවේ .