නවතම පුවත්

අලුත් ක්‍රිඩාංගනයක් ඕනේ ඇයි? – ක්‍රිකට් ආයතනය හේතු පහදයි

අසංක

අසංක

හෝමාගම දියගම ප‍්‍රදේශයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සැදීමට සැලසුම් කරමින් සිටිනුයේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධාන කරන ප‍්‍රධාන තරගාවලි දෙකකටම සත්කාරකත්වය දැරීමට සදහා ශ‍්‍රී ලංකාව සූදානමින් සිටින නිසාවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී.

අයි.සී.සී ලෝක මට්ටමේ තරගාවලි සදහා සත්කාරකත්වය ලබා ගැනීමට නම් අවම වශයෙන් පේ‍්‍රක්ෂකයින් 25,000ත් 40,000ත් අතර පිරිසකට තරග නැරඹිය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩාංගන පහක්වත් රට තුළ පැවතිය යුතු බවද ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පහදී කර ඇත

මෙම නව ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා වැය වන සියලූ මුදල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ආයෝජනය කරන බවද එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත ..

ඒ අනුව මෙම කී‍්‍රඩාංගණය ඉදිකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සදහා මූල්‍යමය ගැටලූවක් ඇති නොවන බවද ක‍්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් සදහන් කර ඇත

ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කිරීම හරහා රටට විශාල වශයෙන් මුදල් ගලා ඒමටද මග පෑදෙන බවද ශී‍්‍ර ලංකා ආයතනය මෙහිදී සඳහන් කර ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ එහි මූල්‍ය ශක්‍යතාවය පිළිබද සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව මේ සදහා ආයෝජනය ඉදිරියට සිදු කරන බවද නිවේදනයේ දැක්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්