පැතුම් වික්‍රමරත්න
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් කොරෝනා වෛරසය පිලිබඳ කරුණු වසන් කර ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර සිටී.
ඒ අනුව එම සංවිධානයට ලබා දෙන ආධාර අත්හිටුවීම පිළිබඳවද ඉදිරියේදී සිතා බලන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටි.
ධවල මන්දිරයේ පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත,
චීනයේ වුහාන් නගරයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග එය ලොව පුරා පැතිරිම පාලනය කිරිමට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වුවත් චීනයට හිතවත්කම් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය එය අත්‍යාවශ්‍ය නොවන බවට මුල සිටම ප්‍රකාශ කර සිටිය බව එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය.