WTC නොයා අධිකරණ අමාත්‍යාංශය හිටපු තැනටම

Picture of අසංක

අසංක

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටා තිබූ අමාත්‍යංශ කාර්යාල ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙන යාමට ගෙන තිබූ තීරණය අත්හිටුවා තිබේ.

අධිකරණ අමාත්‍යංශය මේ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක වෙළෙඳ මද්‍යස්ථානයේ වර්ග අඩි 35071ක් වසර දෙකකට රුපියල් කෝටි 40 ක් ගෙවා කුලියට ගැනීමට තීරණය කොට තිබුණි.

ඊට කැබිනට් අනුමැතියද හිමිව තිබුණි.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කළ බව එහි සඳහන් වේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට නියමිතය.