Xpress Pearl නෞකාවේ තෙල් කාන්දුවක් ?

xpress pearl
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ “එක්ස්ප්‍රස් පර්ල්”  නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවෙමින් ඇති බවට  සැක පලව ඇත.

චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් ජාත්‍යන්තර  Sky news පුවත් සේවය වාර්තා අද දින පෙරවරුවේ  වාර්තා කර ඇත්තේ  මෙම නෞකාව  අවට තෙල් පැල්ලම් බවට සැක කළහැකි යමක් දක්නට ඇති බවයි .

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව වරාය අධිකාරිය මාධ්‍ය වෙත සඳහන් කර ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද එම අධිකාරිය සඳහන් කර ඇත .