නවතම පුවත්

Youtube එකෙන් අලුත උපන් බිළිඳුන් අලෙවි කරන NGO එකක ලොක්කා අත්අඩංගුවට

අසංක

අසංක

අලුත උපන් බිළිඳුන් අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කළ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රදානියකු මාතලේ ප්‍රදේශයේ සැඟවී සිටියදී ළමා හා කාන්තා කාර්යංශ කාර්යාංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත උපන් බිළිඳුන් හතළිස් තුන් දෙනෙකු රුපියල් ලක්ෂ එකහමාර බැගින් විවිධ පුද්ගලයන්ට මොහු අලෙවි කර ඇත්තේ තම රාජ්‍ය නොවන සංවිධානය හරහා ය.

මොරටුවේ පිහිටි කුලියට ගත් නිවාස දෙකක ගැබිණි මව්වරුන් රඳවාගෙන මෙම ජාවාරම සිදු කර ඇත .

එම නිවාස වල කුලී මුදල් ගෙවන ලද්දේ දරුවන් ලබා ගැනීමට සිටින මාපියවරුන් ය.

ඔවුන් අතර නීතිඥවරුන් පොලිස් නිලධාරීන් ආදී විවිධ පුද්ගලයන් ද වන බව වාර්තා වේ.

එහි සිටියදී ගැබිණි මව්වරුන් දොළොස් දෙනෙකු ද හමුවී තිබේ.

ඔවුන් සිටි එහි සිට ඇත්තේ සිය දරුවන් ඉපදුණු පසු අදාළ පුද්ගලයාට බාර දීමටය.

2013 වසරේ පිහිට වූ මෙම රාජ්‍ය නොවන සංවිධානය මගින් රුක්රෝපන වැඩසටහන් ආදිය සිදුකරමින් සිට අලුත උපන් දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇත්තේ පසුගිය මැයි මාසයේ සිටය .

අලුත උපන් බිළිඳුන් 43 ක් අලෙවි කර ඇත්තේ මෙම මාස කිහිපය තුළ ය.

යූටියුබ් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ අනපේක්ෂිතව ගැබ් ගත් දරුවන් වෙත්නම් ගබ්සා නොකොට ඔවුන්ට භාර දෙන ලෙසත් ඔවුන් එම දරුවන් රැකබලා ගන්නා බවයි.

එහි ප්‍රචාරය කරන ලද තවත් වීඩියෝවක දැක්වුණේ දරුවන් නොමැතිව තැවෙන දෙමව්පියන් සිටිත් නම් ඔවුන්ට දරුවන් ලබා දීමට තම සංවිධානයට හැකියාව පවතින බව ය.

මෙම දරුවන් විකිණීමේ ජාවාරමේ දී අලුත උපන් බිළිඳුන්ගේ භාරකාරීත්වය පැවරීම සම්බන්ධයෙන් වන නීතිඥ ගාස්තු ලෙස රුපියල් 47,000 ක් අය කරන නමුත් එම එයද දිවුරුම් ප්‍රකාශයක් පමණක් බවත් එම ලේඛන ද ගැටලු සහගත බවත් හෙළි වී තිබේ.

දැනට අලෙවි කරන ලද බිළිඳුන් සම්බන්ධව තොරතුරු සොයා ගැනීමට නැතත් ඔහු අත්අඩංගුවට ගත් කාර්යාලයේ තිබී ලිපිගොනු තොගයක් ද ළමා හා කාන්තා කාර්යාංශය බාරයට ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්