විශේෂාංග


Share now!

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

චීණය සමග ඇතිවූ ආතතීන් සමනය කිරිමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම වෙළද යුද්ධයට නව මගක් විවෘත කර තිබේ. මේ වසරේ මාර්තු 4 වැනිදා ට්‍රම්ප් සිය පළමු වෙඩිල්ල පත්තු කළේය. ඒ ඉන්දියාවට මෙතෙක් දැක්වූ පක්ෂපාති සංග්‍රහ අවසන් කරමින් එරටට ලබාදුන් ජීඑස්පී සහනය ඉවත් කිරීමත් සමගයි. තීරුබදු සහ වෙළෙද පොදු ගිවිසුමේ අනුග්‍රහය යටතේ ඉන්දියාව මෙම වරප්‍රසාද භුක්ති විදින ලද්දේ 1970 පමණ සිටය.

ට්‍රම්ප් ඉන්දියාවට කළ ජීඑස්පී කෙනෙහිළිකම අරුමයක් නොවේ. ලොව විශාලතම ප්‍රජාතාන්ත්‍රිකයන් දෙදෙනා වන අමෙරිකාව හා ඉන්දියාව අතර ආරක්ෂක සහ සෙසු අංශවල කලක් තිස්සේ පැවැති සමීප සහයෝගීතාව ද නොතකා කලක සිට මෙම ද්වීපාර්ශ්වික සබදතාව මහත් රිදවීම් සහිත එකක් වී ඇත. එය ඇතැම් අවස්ථාවලදී කපටි මුහුණුවර ආදේශ කරගනු දක්නට ලැබුණි. ට්‍රම්ප් පාලනය යටතේ ඉන්දියාව තවදුරටත් එළිය ලබාගත් නමුත් ට්‍රම්ප් ඉන්දියාව උපහාසයට නගන්නේ ‘තීරුබදු රජු’ ලෙසය.

අමෙරිකාව දිගින් දිගටම රිදවද්දී ඉන්දියාව කළේ අමෙරිකානු තාක්ෂණ සමාගම් වෙත දැනෙන්නට නීති රෙගුලාසි ගෙනඒමයි. නව ඊ-වාණිජ ප්‍රතිපත්තීන් පවා සම්මත කරගත්තේ ඒ වෙනුවෙනි. වීසා නිකුතුවේදී ඉන්දියාව අමෙරිකානුවන්ට රිදවීමට කටයුතු කරන අතර අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ වර්ග 29කින් පළිගැනීමට ද කටයුතු කර ඇත. අවසානයේ පෙනී යන්නේ අමෙරිකාව හා සමානම පළිගැනීමක් ඉන්දියාව ද මේ වනවිට කරමින් ඇති බවය. වෙළද යුද්ධයට නොපැකිළව මුහුණදෙන්නට ඉන්දියාව කටයුතු කරමින් සිටියි.

සියල්ල සළකාබැලීමේදී අමෙරිකාව සහ ඉන්දියාව ආරක්ෂක පමණක් නොව, වෙළෙද සහයෝගීත්වයද ගොඩනගාගෙන යාම ඉතා වැදගත්ය. අමෙරිකාව ලොව ධනවත්ම හා බලවත්ම ආර්ථිකය හොබවමින් සිටියි. ඉන්දියාව පසුගිය දශක දෙක පුරා ලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ හිමිකාරිත්වය අත්පත් කරගෙන සිටියි. රටවල් දෙක අතර ජයග්‍රාහී කෙවල් කිරීමට අති විශාල පරාසයක පැතිර පවතී. ඉවසීමෙන් ඉදිරි වසර කිහිපයේදී දෙපාර්ශ්වයටම අත්විය හැක්කේ වෙළෙද ප්‍රතිලාභ ගොන්නකි. එය හරියටම ගෙවී ගිය අතීතය තුළ දෙරටේ ආරක්ෂක හා සෙසු අංශවල සහයෝගීතාව වාගේම ය.