නවතම පුවත්

මසක් ඇතුලත එකම ආකාරයෙන් අලි ඇතුන් 2ක් ඇතින්නියන් 7ක් ඝාතනය වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය 27 සහ 28 දින වන විට ඇතින්නියන් හත්දෙනෙකු විෂ ශරීර ගත වීමෙන් මරණයට පත්ව සිට හමු වී ඇත. ඒ හබරණ හිරිවඩුන්න කම්බිකුලම රක්ෂිත ප්‍රදේශයේ දී ය. එසේම පසුගිය අගෝස්තු මස මුල් සතියේ තවත් අලි දෙදෙනෙකු විෂ යොදා මරා දමා තිබිණි. ඒ ගල්කිරියාගම ප්‍රදේශයේ දී ය. මෙම ස්ථාන දෙක අතර පරතරය කි.මි. 20-30 අතර දුර ප්‍රමාණයක් ඇත. කෙසේ වෙතත් අලි ඇතුන් දිනකට කි.මි. 200ක් පමණ ගමන් කරන නිසා මෙම දුර ප්‍රමාණය අලියෙකු ගේ හැසිරීමට එතරම් ලොකු දුරක් නොවේ.

සිද්ධීන් දෙක සිදුවූ ස්ථාන අතර දුර ප්‍රමාණය මෙහි දැක්වේ

කෙසේ වෙතත් අලියෙකු මරණයට පත් කිරීම සඳහා සැලකිය යුතු මාත්‍රාවකින් තරමක් උග්‍ර විෂ වර්ගයක් යෙදිය යුතුය. මන්ද අලියෙකුගේ ශරීර ප්‍රමාණය අනුව සාමාන්‍ය වෙනත් සතෙකු ගේ සිරුරට යොදන විෂ ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ.

ඒ අනුව මෙම සිදුවීම් වෙනත් සත්වයෙකුට යෙදු විෂ වර්ගයක් වැරදීමකින් ශරීර ගත වීමක් ලෙස ගිණීම අපහසුය. ඒ අනුව මෙය අලි ඇතුන් ඉලක්ක කර චේතාන්විතව සිදු කරන ලද්දක් විය හැක. එමෙන්ම මෙම ප්‍රදේශ දෙකම ජනාකීර්ණ ප්‍රදේශ වලට ආසන්න බවත් සැලකිය යුතු ය.

වගා භූමි ආශ්‍රිත ප්‍රදේශ වන මෙහි මෙම අලි ඇතුන්ගෙන් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල වේ. කිසියම් හෙයකින් මීට ප්‍රදේශයේ ජීවත් වන කිසිවෙකු ගේ බලපෑමක් තිබීමට ඉඩ කඩ ඇත. කෙසේ වෙතත් මෙලෙස මරණයට පත්වූ සතුන්ගෙන් දළ ලබා ගැනීමේ අරමුණක් තිබු බව ද නොපෙනෙන නිසා මෙතෙක් ඝාතනයට හේතුව නිශ්චිත නොවේ.

හබරණ හිරිවඩුන්න, වැව අසල තිබී තවත් ඇතින්නියකගේ සිරුරක් හමුවී තිබේ. 27 ඒ ආසන්නයේ මියගොස් සිටි ඇතින්නියන් සිව් දෙනෙකුගේ සිරුරු හමුවිය. පසුගිය අගෝස්තු මුල් සතියේ ද මෙවැනි වන අලින් දෙදෙනෙකු ගල්කිරියාගමින් සහ කැකිරාවෙන් හමු විය.

අගෝස්තු මුල් සතියේ සිට සැප්තැම්බර් අවසන් සතිය තෙක් මාස දෙකක් තුල, කිලෝ මීටර 20-25ක් වට ප්‍රමාණයේ වපසරියක් තුල අලි ඇතුන් 7 දෙනෙකුගේ සිරුරු හමු වී ඇත.

තවත් ඇතින්නියන් දෙදෙනෙකු ගේ සිරුරු ඊයේ හමු වූ අතර 27 සහ‍ 28 දෙදින තුල ඇතින්නියන් 7ක් සහ මාස 2ක් තුල අලි ඇතුන් 9ක් මෙලෙස මරණයට පත්ව ඇත. අද හමුවූ ඇතින්නියන් ආසන්න ප්‍රදේශ වල මියගොස් සිටියහ.

මෙම මරණ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරව් කරන තෙක් වනජීවි දෙපාර්තමේන්තුවේ කිසිඳු නිලධාරියෙකු විෂය භාර අමාත්‍යවරයා හෝ තමන්ව දැනුවත් කර නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ පැවසුවේ. ඇතින්නියන් මියගිය හබරණ, හිරිවඩුන්න, තුම්බිකුලම රක්‍ෂිතයට ඊයේ (28) පැමිණි අවස්ථාවේ ඔහු මෙම අදහස් පළ කළා.

මියගිය ඇතින්නියන් කිහිප දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ ඊයේ පැවැත්වුණා. යම් කිසි විසක් ශරීරගතවීමෙන් මෙම ඇතින්නියන් මිය යන්නට ඇති බවටයි දැනට කෙරුණු මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. එහෙත් නිශ්චිත වශයෙන් කුමන විසක් ශරීර ගතවූයේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ. මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම සඳහා මියගිය ඇතින්නියන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්‍ෂක වෙත යොමුකරන බවයි සීගිරිය වනජීවි අඩවි ආරක්‍ෂක චන්ද්‍රා බණ්ඩාරණායක පැවසුවේ.

හබරණ සිදුවූ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ජෛව සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ මෙවැනි සිදුවීම් මීට පෙරත් වාර්ථා වුවත් මේ තරම් ප්‍රමාණයක් එකම ස්ථානයකින් වාර්තා වූයේ මෙහිදී බවයි. බොහෝවිට ගොවි බිම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සතුන්ට වස කෑමට සැළස්වීම් සිද්ධ කරන බවත් මෙයද එවැනි අවස්ථාවක් දැයි නිශ්චිතව සොයාගත යුතුව ඇති බවද සඳහන් කළා.

තවත් මියගිය වනඅලි ඇත්දැයි සොයා තුම්බිකුලම රක්ෂිතයේ දෙවන දිනටත් අද (29) මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා සීගිරිය වනජීවී කාර්යයාලයේ නිලධාරීන්, යුධ හමුදාව, හබරණ පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් ද එක්වනු ඇති. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්