පැතුම් වික්‍රමරත්න
මෙරට ,ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් රඳවා ගෙන ප්‍රශ්න කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී .
අදාළ සිද්ධිය පිළිබඳ කඩිනම් හා සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ලක් රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගෙන ඇත .
තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස නාඳුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයෙන් පෙන්වා දී තිබුණි.
මෙම සිද්ධිය , සිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයට සහ එහි සේවකයින්ට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් ලෙස ස්විට්සර්ලන්තය සළකන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ,